ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ අත්අඩංගුවට

ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ මහතා වැල්ලවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මතයි. පුද්ගලයෙකුට පහර දීමේ චෝදනාව යටතේ ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ මහතා වැල්ලවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහර දීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව හේමාල් රණසිංහ මහතාට අද පෙරවරුවේ පොලිසියට කැඳවා තිබූ අතර එහි දී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් හේමාල් රණසිංහ මහතා ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share