අපනයනය ප්රමුඛ ලෙස සලකා ක්ෂේත්රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ අපනයන ක්ෂේත්රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට ක්ෂේත්රයේ ප්‍රධාන අපනයනකරුවන් හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
මේ වන විට උද්ගතව ඇති ලෝක තත්ත්වය හමුවේ අපනයන ක්ෂේත්රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට ක්ෂේත්රයේ ප්‍රධාන අපනයනකරුවන් හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මෙහිදී විශේෂයෙන් අපනයන ක්ෂේත්රයට මෙන්ම නිෂ්පාදකයන්ට සහ සේවා සපයන්නන්ට ඉන්ධන සපයා ගැනීමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා.
මෙහිදී ජාතික ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම අවම කර ගනිමින් උද්ගතව ඇති තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා අපනයන ක්ෂේත්රයට ප්‍රමුඛතාව දී කටයුතු කල යුතු බවටයි අවධාරණය කෙරුණේ.
ඊට අමතරව මේ වන විට ක්ෂේත්රයේ උද්ගතව ඇති ගැටලු සහ ඒ පිළිබඳ අපනයනකරුවන් සහ ක්ෂේත්රයේ නියුතු පිරිස් විසින් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
මේ අතර රට තුළ පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් ඈත දුරබැහැර ප්‍රදේශවල සිටින දරුවන්ට සහ ගුරුවරුන්ට දැඩි අපහසුතාවන්ට මුහුණදීමට සිදුවන බව ජාතික එකමුතු ගුරු සංගමය චෝදනා කරනවා.
මේ අතර අද සිට සියලුම භූමිතෙල් භාවිතා කරන ධීවර යාත්‍රා සඳහා අදාළ ඉන්ධන ප්‍රමාණයන් ලබාදෙන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.
මේ අතර QR කේතය ක්‍රියාත්මක කිරීමේදී ඉදිකිරීම් කර්මාන්තයේ යෙදෙන ව්‍යසායකයන් සඳහා අපහසුතාවකින් තොරව ඉන්ධන ලබාගැනීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටු මගින් චක්‍රලේඛනයක් අද දිනයේදී නිකුත් කිරීමට නියමිත බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කර්මාන්තකරුවන් ඇගයීමේ අවස්ථාවට එක්වෙමින්.





