චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ සිව්වැනි සැසි වාරය අද එරට වේලාවෙන් සවස 3ට බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ වුණා.
සැසිවාරය පැවැත්වෙන්නේ චීන ජනපති ෂී ජින්පිං මහතා ඇතුළු පක්ෂයේ හා රජයේ සෙසු නායකයින්ගේ සහභාගිත්වයෙන්.
මෙහිදී සිව්වැනි සැසියේ න්‍යාය පත්‍රය අධීක්ෂණය කරමින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු එය සම්මත කිරීම සිදුවනවා.
දින හතක් පුරා පැවැත්වෙන මෙම සැසිය තුළ ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන, පරිසර සම්පත් ඇතුළු ක්ෂේත්‍ර 34ක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
එමෙන්ම මේ වසරෙන් ආරම්භ වන චීනයේ ‘15 වන පස් අවුරුදු සැලසුම් කෙටුම්පත’ පිළිබඳ සාකච්ඡා කිරීමද මෙම සැසි වාරයේ තවත් විශේෂත්වයකි.
14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරය ද හෙට ආරම්භ වන අතර, දින 8ක් පුරා පැවැත්වෙන එය එළඹෙන 12 වැනිදා පෙරවරුවේ අවසන් වීමට නියමිතයි.
මේ අතර මෙම සැසිවාරය සඳහා චීනයේ ඉහළම බලතල සහිත ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් සහභාගී නොවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අවධානය යොමු කර තිබුණා.
චීනයේ ඉහළම නිලය දරන ජෙනරාල් ෂැං යූෂියා, පක්ෂයේ සාමාජිකයින් 23 දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලයට ඇතුළත් වූයේ නැහැ.
එමෙන්ම බටහිර චීන කලාපයේ ෂින්ජියැං හි පක්ෂයේ ඉහළම නිලධාරියා වූ මා සින්ග්රුයි ද සහභාගී වී නොසිටි බව රොයිටර්ස් වාර්තා කළා.
පසුගිය කාලයේ චීනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් දූෂණ වංචා චෝදනාවලට ලක් වූ අතර මොවුන්ගේ නොපැමිණීම සහ ඒ අතර සම්බන්ධයක් ඇතැදැයි ඇතැම් පාර්ශ්ව සැකපල කරනවා.




