චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේ දී

ළමා ආරක්ෂණය සුරැකෙන පරිදි මනා නියාමනයකින් යුත් ඩිජිටල් අධ්‍යාපනයක් සැකසීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළා.

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශයේ දී ඊයේ පැවැත්වුණා.
ඊට අදාල ගිවිසුමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් යන මහත්වරු අත්සන් තැබුවා.

Share