රුපියල් මිලියන 10.8කට වැඩි වටිනාකමින් යුත් චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 09 ක් තුළ තිබී දුම්වැටි 120,200 ක් සොයා ගැනුනා.




