ඩොනල්ඩ් ට්‍රම්ප් චිකාගෝ ප්‍රදේශයට ජාතික ආරක්ෂක භටයින් යැවීමට අවසර දීම එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා .
ඉලිනොයිස් නිලධාරීන් සහ ප්‍රාදේශීය නායකයින් විසින් ගෙන එන ලද නීතිමය අභියෝගයකදී ජාතික ආරක්ෂක භටයින් සිය ගණනක් යෙදවීම වළක්වාලමින් මෙම නියෝගය ලබා දුන්නා.
මෙම නියෝගය ලැබෙන්නේ රිපබ්ලිකන් ජනාධිපතිවරයා ඩිමොක්රටික් නායකත්වයෙන් යුත් අධිකරණ බල ප්‍රදේශ ගණනාවක හමුදාව යෙදීම පුළුල් කිරීම දැඩි විවේචනයට ලක්ව ඇති පසුබිමකයි.





