ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, ඔහුගෙන් තමාට ලැබුණු දරුවාට පීතෘත්වය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙස ඉල්ලමින්, තරුණ මවක් අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා.
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට අදාළව අද අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇතත්, ඔහු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර, අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. කොළඹ ප්‍රදේශයේ පදිංචි උසස් රැකියාවක් කරන මෙම තරුණ කාන්තාව පවසන ආකාරයට ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇය හඳුනාගෙන සිට ඇත්තේ 2023 වසරේ සිටයි.
විවාහ වීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් දෙදෙනා සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවද ඇය පවසනවා.
මේ වන විට එම දරුවාගේ වයස මාස දෙකක්.
එහෙත් දරුවා ලැබුණු තැන සිට මේ දක්වා කිසි විටකත් දරුවා බැලීමට හෝ නොපැමිණි චාමික කරුණාරත්න ඔහු තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බව මෙම කාන්තාව චෝදනා කරනවා.
සිද්ධියේ සැකකරුවකු වන චාමික කරුණාරත්න අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ ඔහු අසනීප තත්ත්වයෙන් පෙලෙන ඉදිරි නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින බවයි. අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසරත්න මහතා මෙම නඩුව දෙසැම්බර් මස 08 වැනිදා නැවත කැඳවීමට දින නියම කළා.




