චන්ද්‍ර කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවල දැඩි සුළං හා ජල ගැලීම්

චන්ද්‍ර කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවල දැඩි සුළං හා ජල ගැලීම් තත්ත්ව හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් එක්සත් රාජධානියේ මාර්ග රැසක් වසා දැමීමට සිදුව ඇති අතර, දුම්රිය, නාවික හා ගුවන් ගමන් රැසක් ගණනාවක් අවලංගු කර තිබෙනවා. එංගලන්තයේ, ස්කොට්ලන්තය සහ වේල්සය යන ප්‍රදේශවල සුළං, වර්ෂාව හා හිම සඳහා අවදානම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා

Share