පසුගිය වසරේ පටන් අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය කිරීම නැවත සක්‍රීය කිරීමට, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නව සමාගමක් සමඟ ගිවිසුම්ගත වීම අද සිදු කෙරුණා
මාස 10ක පමණ කාලසීමාවක් වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නැවතී තිබූ අතර මෙම ගිවිසුම හරහා එම ගොඩගැසී තිබෙන අංක තහඩු සියල්ල ද කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සදහන් කළේ.




