ගිනිකොණ දෙසින් පැවති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වේ

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ගොඩනැගුනු ‘දිට්වා’ සුළි කුණාටුව ගෙවුණු පැය 10 පුරා පැයට කිලෝමීටර් 10ක් වැනි ඉතා අඩු වේගයකින් ගමන් කරමින් ඊයේ රාත්‍රී 7.30 ට පමණ මඩකලපුව ප්‍රදේශයෙන් රට අභ්‍යයන්තරයට ඇතුළු වුනා.
ඒ දැඩි වර්ෂාවක් සහ තරමක් තද සුළං ප්‍රවාහයක්ද සමඟින්.
එලෙස රටට තුලට ඇතුලු වූ ‘දිට්වා’ සුළි කුණාටුව අද පෙරවරු 8.45ට පමණ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර 50ක් පමණ දකුණු දෙසින්, උතුරු අක්ෂාංශ 8.1° සහ නැගෙනහිර දේශාංශ 81.2° ආසන්නයේ කේන්ද්‍රගතව ව පවතිනවා.
ඉදිරියේ දී එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරණ අතර එහි බලපෑම අද සහ හෙට දිනයන්හි දී දිවයිනට බල පවත්වන බවත් අනිද්දා සිට සුළි කුණාටුවේ බලපෑම අඩු වීම ආරම්භ වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් ඇතිවනු ඇති බවටයි කාලගුණ අංශ අනාවැකි පල කරන්නේ.
තව දුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි
මේ අතර අද ඊයේ උදෑසන 8.30 සිට උදෑසන 7.30 වන විට වැඩිම වර්ෂාපතනය වන මිලිමිටර් 361ක වවුනියාව වෙඩ්ඩිකුම් ප්‍රදේශයට ලැබි තිබෙනවා.
ඊට අමතරව මේ දක්වා කාලය තුල වාර්තා වී වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ මුලිතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයෙන්.
එය මිලිමිටර් 313ක්,
මේ හැරුනු විට රත්නපුර දිස්ත්‍රික්කයේ මාදම්පේ ප්‍රදේශයට මිලිමිටර් 283.5ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුරයට මිලිමිටර් 248.2ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු ප්‍රදේශයට මිලිමිටර් 248ක් වාර්ථා වනවා.
එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට මිලිමිටර් 246ක වර්ෂාපතනයක් වාර්තා වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයට මිලිමිටර් 226.5ක වර්ෂාපතනයක් සිදුවී තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ප්‍රදේශයට මිලිමිටර් 225ක වර්ෂා පතනයක් වී ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන ප්‍රදේශයට පතිත වූ වර්ෂාව සටහන් වූයේ මිලිමිටර් 222ක් වශයෙන්.
මේ හැරුණු විට ගෙවුණු පැය 24 තුළ මුලතිව් දිස්ත්‍රික්කයේ වවුණිකුලමි ප්‍රදේශයට මිලිමීටර 216ක වර්ෂාපතනයක් සිදු වී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩව ප්‍රදේශයට ඇලුනු වර්ෂාව සටහන් වී ඇත්තේ මිලිමීටර 214.5ක් වශයෙන්.

නුවර-එළිය දිස්ත්‍රික්කයේ ග්ලෙන් න්ටිල්ට්කර් ප්‍රදේශයෙන් මිලිමිටර් 203ක වර්ෂාපතනයක් වාර්තා වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ මැල්කොපිවත්ත ප්‍රදේශයෙන් මිලිමිටර් 192.5ක්, කළුතර දිස්ත්‍රික්කයේ හල්වතුර වතුයාය ප්‍රදේශයෙන් මිලිමිටර් 191ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ කරඳන ප්‍රදේශයෙන් මිලිමිටර් 189.5ක් ලෙස වර්ෂාපතන අගයන් වාර්තා වනවා.
එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රදේශයට මිලිමිටර් 187.5ක වර්ෂාපතනයක් සිදුවී ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ දික්ඔය ප්‍රදේශයට මිලිමිටර් 185.5ක වර්ෂාපතනයකුත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රදේශයට මිලිමිටර් 180ක වර්ෂාපතනයකුත් සිදුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම නිවේදනයේ සඳහන්.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්‍යාලය අවට ප්‍ර්‍රදේශයට මිලිමීටර 180ක්, කළුතර දිස්ත්‍රික්කයේ අරකාවිල ‍ප්‍රදේශයට මිලිමිටර 179ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ තෙප්පනාව ප්‍රදේශයට මිලිමිටර් 178ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කළුපහනට මිලිමිටර් 175ක් වශයෙන් වර්ෂාපතනයන් වාර්තාවනවා.
මේ අතර ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමත් සමග ප්‍රධාන ගංගා ද්‍රෝණි රැසක පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත්කිරීමටයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළේ.
මේ හරුනු විට දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශීය ලේකම් ‍කොට්ඨාස 58කට නායයෑම් සම්බන්ධයෙන් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඊයේ උදෑසන 8.30 සිට අද උදෑසන 7.30 දක්වා වැඩිම වර්ෂාපතනය වවුනියාව වෙඩ්ඩිකුම් ප්‍රදේශය – මිලිමිටර් 361
මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයට මිලිමිටර් 313ක්,
රත්නපුර දිස්ත්‍රික්කයේ මාදම්පේ ප්‍රදේශයට මිලිමිටර් 283.5ක්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ප්‍රදේශයට මිලිමිටර් 248.2
මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු ප්‍රදේශයට මිලිමිටර් 248
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට මිලිමිටර් 246
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයට මිලිමිටර් 226.5
මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ප්‍රදේශයට මිලිමිටර් 225
නුවර-එළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන ප්‍රදේශයට මිලිමිටර් 222
මුලතිව් දිස්ත්‍රික්කයේ වවුනිකුලම් ප්‍රදේශයට මිලිමිටර් 216
රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩව ප්‍රදේශයට මිලිමිටර් 214.5
නුවර-එළිය දිස්ත්‍රික්කයේ ග්ලෙන් න්ටිල්ට්කර් ප්‍රදේශයට මිලිමිටර් 203
ගම්පහ දිස්ත්‍රික්කයේමැල්කොපිවත්ත ප්‍රදේශයට මිලිමිටර් 192.5
කළුතර දිස්ත්‍රික්කයේ හල්වතුර වතුයාය ප්‍රදේශයට මිලිමිටර් 191
රත්නපුර දිස්ත්‍රික්කයේ කරඳන ප්‍රදේශයට මිලිමිටර් 189.5
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රදේශයට මිලිමිටර් 187.5
නුවර-එළිය දිස්ත්‍රික්කයේ දික්ඔය ප්‍රදේශයට මිලිමිටර් 185.5
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස් වැව ප්‍රදේශයට මිලිමිටර් 180
කොළඹ දිස්ත්‍රික්කයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්‍යාලය 180
කළුතර දිස්ත්‍රික්කයේ අරකාවිල ප්‍රදේශයට මිලිමිටර් 179
රත්නපුර දිස්ත්‍රික්කයේ තෙප්පනාව ප්‍රදේශයට මිලිමිටර් 178
කෑගල්ල දිස්ත්‍රික්කයේ කළුපහන මිලිමිටර් 175

Share