ගාල්ල සිට නාවික සැතපුම් 40 ක් පමණ දුරින් ඉරාන ධඡය යටතේ යාත්‍රා කළ නෞකාවක් අනතුරට

ගාල්ල සිට නාවික සැතපුම් 40 ක් පමණ දුරින් ඉරාන ධඡය යටතේ යාත්‍රා කළ නෞකාවක් අනතුරට පත්ව තිබෙනවා.
එහි කාර්ය මණ්ඩලය මුදා ගැනීම ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වනවිට සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවා.
මුදා ගැනීමේ මෙහෙයුම සඳහා ඉදිරියේදී අවශ්‍ය වුවහොත් සහය ලබා දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර තිබෙනවා.
අනතුරට පත් නෞකාව මේ වන විට ගිලෙමින් පවතින බව වාර්තා වනවා.

Share