ඊශ්‍රායලය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් රැසක ගුවන් ගමන් වාර ඊයේ රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට එයාර් ෆ්රාන්ස් (Air France), බ්‍රිටිෂ් එයාර්වේස් (British Airways), ලුෆ්තැන්සා (Lufthansa) සහ කේ එල් එම් (KLM) වැනි ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් පියවර ගෙන තිබෙනවා.
මීට අමතරව ඩුබායි, අබුඩාබි, රියාද් සහ කටාර් වෙත සියලුම රාත්‍රී ගුවන් ගමන් අවලංගු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායලය වෙත සිදුකරන ගුවන් ගමන් ද දහවල් කාලයට පමණක් සීමා කර ඇති අතර, ඉරාන සහ ඉරාක ගුවන් සීමාවන් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇතැයි සඳහන්.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සෘජු යුද ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ලැබී ඇති බුද්ධි තොරතුරු මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.
ඉරානය යළි යුරේනියම් පිරිපහදු කිරීම ආරම්භ කළහොත් එහි ප්‍රතිවිපාක ඉතා දරුණු වනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් ඩාවොස් සිට ආපසු පැමිණෙන අතරතුර අනතුරු අඟවා තිබුණා. මේ අතර, අමෙරිකානු ප්‍රහාරක යානා රැගත් යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් නෞකාව ඇතුලු ප්‍රහාරක බලඝණය අරාබි මුහුද වෙත යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.





