කෝට්ටෙ තලවතුගොඩ ශ්‍රී ජයවර්ධන රෝහල් පාරේ පිහිටි හෝටලයක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා
ගින්න හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි වාර්ථා වන්නේ.
ඊයේ පස්වරු 7.30ට පමණ අදාල හෝටලයේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන තිබෙනවා
එම අවස්ථාවේ දී හෝටලයේ උත්සවයක් පැවති බවයි වාර්තා වන්නේ.
ගින්නත් සමඟ දුම ආග්‍රහණය වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ එම හෝටලයේ කාර්‍යමණ්ඩලයේ පුද්ගලයින් දෙදෙනෙකු බවයි/ උත්සව අවස්ථාවට සහභාගි වුනු පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කලේ
කෙසේ වෙතත් ගිනි නිවීමේ රථ යොදවා එම අවස්ථාවේදිම ගින්න මැඩ පැවැත්වීමටයි කටයුතු කර ඇති අතර විදුලි කාන්දුවක් මෙම ගින්නට හේතු වී ඇති බවයි මිරිහාන පොලිසිය සැක පළ කරන්නේ
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා
මේ අතර අද අළුයම 1ට පමණ කොළඹ ඩුබ්ලිකේෂන් පාරේ ඇල්ෆට් පෙදෙස ආසන්නයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක් තුල පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පහළොස් දෙනෙක්ගෙන් පමණ යුත් කණ්ඩායමක් පැමිණ අදාල සමාජ ශාලාවට ගිනි තබා තිබෙනවා
කෙසේ වෙතත් කොළඹ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර අප කල විමසීමකදී කොල්ලුපිටිය පොලිසිය සඳන් කලේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට මේ වන විට පරික්ෂන සිදු කරන බවයි





