කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් ආරම්භ කළ ගුවන් පාලම් ව්‍යාපෘතියේ අවසන් පාලම වන “බාලදක්‍ෂ මාවත” ගුවන් පාලම අද ජනතා අයිතියට පත්කෙරුණා.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය වසර 03ක් ප්‍රමාද වීම හේතුවෙන් ඒ සඳහා තවත් අමතර රුපියල් බිලියනයක් වැය කිරීමට සිදුව තිබුනා.
ඒ අනුව මෙම සමස්ථ ව්‍යාපෘතිය සඳහා වැය වූ මුළු මුදල රුපියල් බිලියන 3.7ක්.
කොළඹ මෙරට ඉතා කාර්ය බහුලම නගරයයි.
මේ තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරය ආශ්‍රිතව ගුවන් පාලම් ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක කෙරුණා.
එම ව්‍යාපෘතියට අනුව 2024 වසරේදී කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසල තිබෙන උත්තරානන්ද මාවතෙහි මීටර 720ක දිගින් යුතු පාලමක් සහ විනිසුරු අක්බර් මාවතේ මීටර 350ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් විවෘත කෙරුණා.
මෙම ව්‍යාපෘතියේ අවසන් පාලම වන “බාලදක්‍ෂ මාවත” ගුවන් පාලම ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබුණේ 2022 වසරේදීයී.
කෙසේ වෙතත් රට තුළ පැවති ආර්ථීක අර්බුදය හමුවේ එම පාලමේ ඉදිකිරීම් කටයුතු අතරමග නැවතුණා.
වත්මන් රජය මෙම ගුවන් පාලමේ වැඩ කටයුතු පසුගිය මැයි මස යළි ආරම්භ කිරීමට පියවර ගත්තේ රටේ ආර්ථිකය නැවතත් යතාවත් වීමත් සමගයි.
ඒ අනුව “බාලදක්‍ෂ මාවත” ගුවන් පාලමේ සියලු වැඩ කටයුතු අවසන් කර ජනතා අයිතියට පත් කිරීම අද දිනයේදී සිදු කෙරුණා.
ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහ කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට බේරේ වැවට උඩින් ගමන් කිරීමට හැකිවන පරිදි මෙම පාලම ඉදිකර තිබෙනවා.
පාලම මීටර් 340ක දිගකින් යුක්ත වන අතර එහි පළල මීටර් 11ක්.
මෙම පාලම ඉදිකිරීම සඳහා රජය වැයකර තිබෙන මුදල රුපියල් බිලියන 3.7ක්.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් දියත්කර ඇති තිරසර මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මෙම ගුවන් පාලම ඉදිකර තිබෙනවා.





