කොහුවල දී ඊයේ රාත්‍රී ත්‍රිරෝද රථ රියදුරෙක් ඉලක්ක කරගනිමින් කළ වෙඩිතැබීම බඩෝවිට අසංක නැමැති අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයට ලක් වූ ත්‍රි රෝද රථ රියදුරු දෙහිවල බෝධියවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අවිශ්ක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් කටයුතුවල නිරත වූවෙක්.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
නුගේගොඩ මංසන්ධිය සහ කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක රියදුරු ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රී 8.30ට පමණ වෙඩි තබා තිබුණා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අදාළ ත්‍රිරෝද රථය හරස්කර නවත්වා වෙඩි ප්‍රහාර 3ක් එල්ලකර පලාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් රියදුරුගේ දකුණු බාහුවට හා උදරයට තුවාල සිදු වුණා.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් ව ඇත්තේ දෙහිවල බෝධියවත්ත ශ්‍රී සරණංකර පාර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සචින්ත පෙරේරා නැමැත්තෙක්
ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් ත්‍රිරෝද රථයෙන් සිය බිරිඳ කැටුව ඒම සඳහා කොහුවලට යන අතරතුරදී ත්‍රිරෝද රථය පසුපස යතුරුපැදියක් හඹාඑන අයුරු දුටු බවයි.
වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා දෙහිවල බෝධියවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අවිශ්ක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් කටයුතුවල නිරත වූවෙක් බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ ළඟා තබාගැනීම යන චෝදනා යටතේ ඔහු මීට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන්.
පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති ආරවුලක් මත මෙම වෙඩිතැබීම ‘බඩෝවිට අසංක’ නැමැති අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවට සැක පළ කරන බවයි.





