කොත්මලේ ගම්වාසීන් හා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

මේ අතර කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය තුළ දිට්වා සුළි කුණාවෙන් ඇති වූ ආපදා හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහ නිවාස අහිමි වූවන්ට රජය මඟින් ලබා දෙන සහන මෙතෙක් නොලැබීම පිළිබඳ විමසීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි ගම්වාසීන් හා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වු ගංවතුරින් හානියට පත් මහියංගණ අධ්‍යාපන කලාපයේ පාසල් 08ක පාසල් දරුවන් 300 දෙනෙක්ට”අලුත් පිටුවක් සත්ගුණවත් සත්කාරය” නමින් පොත්, පාසල් උපකරණ ඇතුලු අධ්‍යාපන කට්ටල බෙදාදීමක් අද සිදු කෙරුණා.
වැඩසටහන පැවැත්වුණේ මහියංගණ මාපාකඩවැව බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේදී.
මෙම වැඩසටහන සංවිධාන කළේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ දරු දැරියන්, ආදි ශිෂ්‍යන් දෙමාපියන්, විද්‍යාලයේ බෞද්ධ සංගමය හා පිළියන්දල වෙළෙද ප්‍රජාව එක්වයි.

Share