කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශනයකට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසළ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් ඇතුළු පිරිසක් රැස්ව සිටියා. මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියේ පැය 3කට පමණ පසුවයි.





