කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා කලාපයේ ද්විතීක පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය අය අතර සැකකරු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබු සිසුන් විසිපහකට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කර ඇති බව ද සඳහන්.
ඒ් සමගම පාසල පිහිටි ප්‍රදේශයේ නිවසක් තුළ ද තවත් වෙඩි තැබීමක් සිදු ව ඇති අතර එහිදී දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
වෙඩික්කරු සම්බන්ධයෙන් හෝ ඔහුගේ අරමුණ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ කර නැහැ.





