කාබුල් අගනුවරට ප්‍රහාර එල්ල කළ පාකිස්තාන ජෙට් යානා වෙත වෙඩි තැබූ බව ඇෆ්ගනිස්ථානය පවසනවා.
කෙසේ වෙතත් ජීවිත හානි සිදුවී ඇත්ද යන්න පැහැදිලි නැහැ.
කෙසේ වෙතත් පසුගිය දින දෙකේ දී දෙරට අතර ගැටුම්වලදී පාකිස්තාන හමුදා සාමාජිකයන් 100කට වඩා මියගොස් ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
පකිස්ථානය චෝදනා කරන්නේ ඇෆ්ගනිස්ථානය ටෙහ්රීක්-ඊ-තලේබාන් පකිස්ථාන සටන්කාමීන්ට රැකවරණය සපයන බවටයි.
ඇෆ්ගනිස්ථානය චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ඇෆ්ගනිස්ථානය වෙනත් රටවලට එරෙහිව ඇෆ්ගන් භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත්, පකිස්ථානයේ ආරක්ෂක අභියෝග අභ්‍යන්තර කාරණයක් බවත්ය.
සෞදි අරාබිය, රුසියාව, චීනය, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සාකච්ඡා සඳහා රාජ්‍ය තාන්ත්‍රික් උත්සාහයන ගන්නා අතරතුර මෙම ප්‍රහාර එල්ල වී තිබෙනවා.





