කඩවත, ඉහළ බියන්විල බර වාහන පවා ගමන් කරන මාර්ගයක් මධ්‍යයේ කාණු කපා රුපියල් ලක්ෂ 23ක වියදමින් සිදුකරන ඉදිකිරීමක් පිළිබඳව ගම්වාසීන් දැඩි විරෝධය පළ කරනවා.
බියගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීම මත ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ අනුමැතිය ද නොමැතිව මෙම ඉදිකිරීම සිදුකරන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
කඩවත, ඉහළ බියන්විල, කනත්ත පාර බරවාහන පවා ගමන් කළ හැකි පරිදි ශක්තිමත් ලෙස නිමකර තිබූ මාර්ගයක්.
කෙසේ වෙතත් එම මර්ගය ඔස්සේ නිවසකට ජලය ගලා එන බව පවසමින් මාර්ගය මැද කාණුවක් කපා මේ දිනවල ඉදිකිරීමක් සිදුකරනු ලබනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම නිවසේ පදිංචි කාන්තාවකගේ පෞද්ගලික අවශ්‍යතාවය මත ප්‍රාදේශීය සභාවේ මුදල් රුපියල් ලක්ෂ 23ක් වැය කරමින් මාර්ගය මැද මෙම කොන්ක්‍රීට් කාණුව ඉදිකරන බවයි.
මේ අතර මෙම කාණුවේ ජලය නිසි ලෙස බැස්මකට යොමු නොකොට අතරමඟ නතර කිරීම නිසා මාර්ගයේ වෙනත් ස්ථාන ගණනාවක් ජල ගැලීමේ අවදානමකට ද ලක්ව තිබෙනවා.
බියගම ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරීන් දෙදෙනෙකු මෙම සැලැස්මට අත්සන් තබා තිබුණ ද සභාපතිවරයා ඊට අත්සන් තබා නැහැ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් තමන් බියගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාට පැමිණිලි කළද තවමත් මෙම ඉදිකිරීම සිදුවෙමින් පවතින බවයි.
ගම්වාසීන් ඉල්ලා සිටින්නේ බලධාරීන් වහා මැදිහත් වී එක් අයෙකුගේ අවශ්‍යතාවය මත මහා මාර්ගය දුර්වල කරමින් සිදුකෙරෙන මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.





