කටුනායකින් කැනඩා ජාතික යුවළක් මෙරටට ගෙන ආ කෝටි ගනනක මත්ද්‍රව්‍ය

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටට රැගෙන ආ රුපියල් තිස් දෙකෝටි පහළොස් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතික යුවළක් අද පෙරවරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 32Kg යි 159g ක් සොයා ගැනුණා.

Share