ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම්

ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට අද පත් වුණා.
ඒ අනුව අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ටික්ටොක්, GOOGLE හි YouTube සහ Meta හි Instagram සහ Facebook ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 10 ක් ළමයින්ට අවහිර කෙරුණා.
එලොන් මස්ක්ගේ X, බාල වයස්කරුවන්ට ප්‍රවේශය කපා හැරීමට පියවර ගත් ප්‍රධාන වේදිකා 10 න් අවසාන වේදිකාව බවට පත්වුණා.
නව නිෂ්පාදන ඉදිරිපත් වීම සහ තරුණ පරිශීලකයින් සංක්‍රමණය වීම සලකා ආවරණය වන සමාජ මාධ්‍ය වේදිකාවල මූලික ලැයිස්තුව වෙනස් වන බව ඕස්ට්‍රේලියාව පවසා තිබෙනවා.
ලොව පුරා නියාමකයින් විසින් සමීපව නිරීක්ෂණය කරනු ලබන නව නීතිය කඩ කරන සමාගම්වලට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක දඩයකට මුහුණ දීමට සිදු වනවා.
ඩෙන්මාර්කය, නවසීලන්තය සහ මැලේසියාව ඇතුලු රටවල් කිහිපයක් ඕස්ට්‍රේලියාවේ ආකෘතිය අධ්‍යයනය කිරීමට හෝ අනුකරණය කිරීමට හැකි බවට සංඥා කර තිබෙනවා.

Share