ඔන්ඩන්සෙට්රෝන් ඖෂධය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්

ආන්දෝලනයට තුඩු දුන් ඔන්ඩන්සෙට්රෝන් නැමති ඖෂධය ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයට යොමුකර පරීක්ෂනයක් සිදුකරන ලෙසට අදාළ ඉන්දියානු සමාගම විසින් ලිඛිතව දැනුම්දී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.
ටී වී සුප්‍රීම් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාල සාම්පල පරීක්ෂාව යොමුකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
කෙසේ වෙතත් ඩෙංගු රෝගය වැළදී අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙදෙනෙකු මියගියේ මෙම ඖෂධයෙන් ඇති වූ සංකූලතාව හේතුවෙන් දැයි යන්න මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද ඔහු කියා සිටියා.
මේ අතර මෙම ඖෂධය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ.

න්ඩන්සෙට්රෝන් වමනය සහ ඒ සමග මතුවන සංකූලතා වැළැක්වීමට වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබා දෙන ඖෂධයක්.
කෙසේ වෙතත් මෙම ඖෂධය ලබා දීමෙන් පසු මහනුවර සහ කොළඹ අයිඩීඑච් රෝහල්වලදී රෝගීන් දෙදෙනක් මිය ගොස් ඇතැයි පසුගියදා වාර්තා වුණා
ඒ අනුව අදාළ ඖෂධයේ කාණ්ඩ 10ක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සියලු රජයේ සහ පෞද්ගලික රෝහල් වෙත දැනුම් දී තිබුණේ ආරක්ෂිත පියවරක් ලෙසින්.
කෙසේ වෙතත් ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කොළඹ IDH රෝහලට ඇතුළත් වූ කාන්තාවක් ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන් පසුගිය 11 වැනිදා ජීවිතක්ෂයට පත්වුණා
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ හෝමාගම – හබරකඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු මවක්.
ඇය ඩෙංගු රෝගය වැළදී පසුගිය 10 වැනිදා IDH රෝහලට ඇතුළත් කෙරුණු අතර ඊට පසුදින ම ජීවිතක්ෂයට පත් වුණා.
කෙසේ වෙතත් මෙම ondansetron නමැති ඖෂධය ලබාදීමෙන් පසුව ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත් වූ බවටයි ඇයගේ සැමියා චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව මෙම ondansetron නමැති ඖෂධය තාවකාලිකව අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කළා.
මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීව වෛද්‍ය අංශය මගින් ද පසුගිය 12 වැනිදා කරන ලද පරීක්ෂණයකින් පසුව ඒවායේ බැක්ටීරියා අඩංගු බවට වාර්තාවක් ලැබී තිබුනා. ඉන් අනතුරුව ආරක්ෂිත පියවරක් ලෙස එම ඖෂධයේ සියලු කාණ්ඩ භාවිතයෙන් ඉවත් කළ බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියා.
කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ මෙම රෝගීන් මියගියේ එම එන්නත භාවිතයෙන් ම දැයි තවමත් කිව නොහැකි බවයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම ප්‍රමිතියෙන් බාල ඖෂධය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි. මේ අතර, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනයට එරෙහිව සත්‍යග්‍රහයක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිස නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
පසුගිය ජනවාරි 30 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරතව සිටියදී කොටුව පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා
මෙම සිදුවීම අපරාධමය වරදක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට කොටුව පොලිසියට නීතිමය පදනමක් නොමැති බවයි කොටුව මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ.

Share