එගොඩඋයන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට

එගොඩඋයන පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක නිශාන්ත රෝහණ සිල්වා මහතා යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උප පොලිස් පරීක්ෂකවරයා ගමන් කළ යතුරුපැදිය මොරොන්තුඩුව ප්‍රදේශයේදී පාපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබුණා. පාපැදියේ ගමන් ගත් අඹුසැමි යුවළද අනතුරින් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් ඇතුළත් කෙරුණේ ගෝනදූව රෝහලටයි.

Share