එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර් මහතා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමු වී තිබෙනවා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේදී. ඉන්දු-පැසිෆික් කලාපය පුරා ස්ථාවරත්වයට සහාය වීම සඳහා අවැසි ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.




