ශ්‍රී ලංකාව සමග එක්දින සහ T20 තරගාවලියට සහභාගී වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණියා.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගාවලිය එක්දින තරග 3 කින් සහ විස්සයි විස්ස තරග 3 කින් සමන්විතයි.
දෙරට අතර පළමු එක්දින තරගය ලබන බ්‍රහස්පතින්දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
T20 තරගාවලිය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ දී.
ලෝක කුසලන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගාවලිය ද මෙයයි.





