උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් රජය උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා

මැද පෙරදිග උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් එම කලාපයේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා රජය උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මැදපෙරදිගින් මෙරටට හිමිවන නිසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ එක්ව විධිමත් වැඩපිළිවෙළක් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.
මේ අතර මැදපෙරදිග යුද උණුසුම මෙරට දේශපාලන වේදිකාවට ද දැනී තිබුණා.

Share