ඉරාන නාවිකයින් ගැන ශ්‍රී ලංකාවට බලපෑම්?

පසුගිය 4 වැනිදා ගිල්වා දැමූ ඉරාන යුද නෞකාවෙන් දිවි ගලවා ගත් අය මෙන්ම ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන දෙවන ඉරාන නෞකා කාර්ය මණ්ඩලය ද නැවත ඉරානයට නොයවන අමෙරිකාව ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් පනිවිඩයකට අනුව මෙම තොරතුරු තහවුරු වූ බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.
එමෙන්ම “ශ්‍රී ලංකා බලධාරීන් විසින් රඳවාගෙන ඇති රැඳවියන් ප්‍රචාරණය සඳහා යොදා ගැනීමට ඉරාන ගන්න උත්සාහයන් අවම කිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කළ යුතු බවටත් එම නිවේදනයේ සඳහන්.

ගාලු වරායේ සිට නාවික සැතපුම් 19 ක් පමණ දුරින් ඉන්දීය සාගරයේ දී පසුගිය බදාදා එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් මුදාහල ටෝර්පිඩෝ ප්‍රහාරයක් හේතුවෙන් ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena යුද නෞකාව ගිලී ගියා.
මේ ප්‍රහාරය හේතුවෙන් ඉරාන නාවිකයින් 82ට දිවි අහිමි වූ අතර තවත් නාවිකයින් තිස් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී බේරා ගනු ලැබුවා.
මාර්තු 6 වන දින සටහන් වන රාජ්‍ය දෙපාර්තමේන්තු අභ්‍යන්තර කේබල් පනිවුඩය හරහා, බූෂෙහර් කාර්ය මණ්ඩලය හෝ ඩෙනාහි දිවි ගලවා ගත් 32 දෙනා නැවත ඉරානයට ගෙන්වා නොගත යුතු බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයේ භාරකාර ජේන් හොවෙල් හරහා ශ්‍රී ලංකා රජයට අවධාරණය කර තිබෙන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
එමෙන්ම මෙලෙස මුදාගත් රැඳවියන් ඉරානයේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමට ඇති අවස්ථාවන් වැළැක්වීමත් ශ්‍රී ලංකා රජයේ වගකීමක් බව එම කේබල් පණිවිඩයේ සඳහන්ව තිබෙනවා.
මෙම රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ අදාළ කේබල් පණිවිඩයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් මෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සිදුකළ විමසීමකදී ඔවුන් ප්‍රතිචාර නොදැක්වූ බවයි.
එමෙන්ම මෙරට ජනාධිපති කාර්යාලය හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොලැබූ බව එහි සඳහන්.
මේ අතර ඉරාන කාර්ය මණ්ඩලය ආපසු ගෙන්වා ගැනීමේ සැලැස්මක් නොමැති බව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයාට ද කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයේ භාරකාර ජේන් හොවෙල් පැවසූ බව ද කේබල් පනිවුඩයේ සඳහන්.
එමෙන්ම “පලායාම” දිරිගැන්වීම සඳහා කාර්ය මණ්ඩලය සමඟ කිසියම් සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවත් හොවෙල්ගෙන් විමසූ බව කේබල් පනිවිඩයේ සඳහන් වන බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාල නියෝජිතයෙකු අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වා නහැ.
මේ අතර බදාදා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා රොයිටර් පුවත් සේවයට පවසා සිටියේ IRIS ඩෙනා නෞකාවේ මියගිය අයගේ මළ සිරුරු නැවත ගෙන්වා ගැනීම සඳහා ඉරානය කොළඹින් උදව් ඉල්ලා ඇති නමුත් එසේ කිරීමට කාල රාමුවක් තවමත් තීරණය කර නොමැති බවයි.
IRIS ඩෙනා නෞකාව පසුගිය මාසයේ විසාකාපට්නම් හී දී ඉන්දියාව විසින් සංවිධානය කරන ලද නාවික අභ්‍යාසවලට සහභාගී වී ඉරානයට ආපසු යමින් සිටියදී එක්සත් ජනපද ටෝපිඩෝ ප්‍රහාරයකට ලක් වුනා.
මේ අතර නම හෙළි නොකිරීමේ කොන්දේසි මත රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ අමෙරිකානු නිලධාරියකු පවසා ඇත්තේ මෙම නෞකාවට පහර දෙන විට එය සන්නද්ධව තිබූ බව හෝ පහරදීමට පෙර නිකුත් කරන අනතුරු ඇඟවීමේ සංඥා ලබාදී නොමැති බවයි.
මෙම සිදුවීමෙන් පසුව මෙරට සුවිශේෂී ආර්ථික කලාප සීමාවෙ සිරවී තිබූ තවත් ඉරාන නෞකාවක් වන IRIS Booshehr නාවික සහායක නෞකාවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 208 දෙනෙකු පිටතට ගැනීම ආරම්භ කළා.
සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ තම දූපත් රාජ්‍යයට කාර්ය මණ්ඩලය භාර ගැනීමට “මානුෂීය වගකීමක්” ඇති බවයි.
රාජ්‍ය දෙපාර්තමේන්තු කේබලයේ සඳහන් වූයේ දෙවන නෞකාව වන බූෂෙහර්, යුධ ගැටුම් පවතින කාලසීමාව පුරා ශ්‍රී ලංකා අත්අඩංගුවේ පවතිනු ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා බලධාරීන් සිකුරාදා පැවසුවේ ඔවුන් බූෂෙහර් නෞකාව නැගෙනහිර වෙරළ තීරයේ වරායකට රැගෙන යන බව සහ එහි කාර්ය මණ්ඩලයෙන් වැඩි කොටසක් කොළඹ අසල නාවික කඳවුරකට ගෙන යන බවයි.
එමෙන්ම පසුගිය බදාදා ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ගිල්වා දැමූ IRIS Dena යුද නෞකාවේ සිට මුදාගත් 32 නාගේ තත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා
එසේම එම පිරිස අතරින් කිහිප දෙනෙකුගේ ප්‍රතිකාර අවසන් බැවින් අද පස්වරුව වන විට ඔවුන්ද වැලිසර නාවික හමුදා කඳවුර වෙත යොමු කිරීමට හැකියාව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ අතර IRIS Lavan නමැති ඉරාන යුද නෞකාවට ඉන්දියාව විසින් රැකවරණය ලබාදී තිබෙනවා.
කාර්ය මණ්ඩලයේ 183 දෙනෙකු සමඟ IRIS Lavan නෞකාව මාර්තු මස 4 වැනිදා සිට ඉන්දියාවේ කොචි වරායේ නැංගුරම් ලා ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නෞකාව පෙබරවාරි 28 වැනි දින ඉන්දියාවේ රැකවරණය ඉල්ලා සිටි අතර මාර්තු 1 වන දින ඊට අනුමැතිය හිමිව තිබුණා.

Share