මේ අතර ඉරානයේ සවුත් පාර්ස් ස්වභාවික වායු නිධියට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරය විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරානය එල්ල කළ ප්‍රහාර මාලාවට මූලික හේතුව වී ඇත්තේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාව බවයි ඔහු සදහන් කරන්නේ.
සිය Truth Social සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ
“මැදපෙරදිග සිදුවන දේ පිළිබඳ කෝපයෙන් පසුවන ඊශ්‍රායලය, ඉරානයේ ‘සවුත් පාර්ස්’ නම් දැවැන්ත ගෑස් නිධියට ප්‍රචණ්ඩකාරී ලෙස පහර දී තිබේ. මේ හේතුවෙන් එම සමස්ත පද්ධතියෙන් සාපේක්ෂව කුඩා කොටසකට පමණක් හානි සිදුව ඇත. අමෙරිකාව මෙම ප්‍රහාරය ගැන කිසිවක් දැන සිටියේ නැත. එහෙත් කටාර් රාජ්‍යය කිසිම ආකාරයකින් මෙයට සම්බන්ධ නැති අතර එවැනි දෙයක් සිදුවන බව ඔවුන් දැන සිටියේද නැත. කෙසේ වෙතත් ඉතා වැදගත් සහ වටිනා ‘සවුත් පාර්ස්’ නිධියට ඊශ්‍රායලය විසින් තවදුරටත් ප්‍රහාර එල්ල කරනු නොලැබේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙනවා.




