මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම ඇතුලු ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, රුසියානු සහ පාකිස්ථාන රාජ්‍ය නායකයින් සමග පැවැත්වූ දුරකථන සංවාදවලදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි.
මේ අතර ගල්ෆ් රටවල් කිහිපයක් ඉලක්ක කරගෙන ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත වුණා.
ගල්ෆ් රටවලට සහ ජෝර්දානයට ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවක් සම්මත කළ අතර, වහාම ප්‍රහාර නතර කරන ලෙස ටෙහෙරානය ඉල්ලා සිටියා.
ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙක් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය විසින් අනුග්‍රහය දක්වන ලද සහ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 135 ක සම අනුග්‍රහය දක්වන ලද යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා.
කෙටුම්පතට විරුද්ධව කිසිදු රටක් ඡන්දය ප්‍රකාශ කළේ නැහැ.
චීනය සහ රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිටි නමුත් මෙම යෝජනාව අවහිර කිරීම සඳහා ඔවුන්ගේ නිෂේධ බලය භාවිතා නොකිරීමට තීරණය කළේ, බොහෝ විට එයට ආරක්ෂක කවුන්සිලයේ පමණක් නොව අනෙකුත් සාමාජික රටවල් සමඟද විශාල සහයෝගයක් ලැබුණු නිසා විය හැකියි.
ආරක්ෂක කවුන්සිලයේ කෙටුම්පත් යෝජනාවකට සම අනුග්‍රහය දැක්වූ වැඩිම රටවල් සංඛ්‍යාව මෙය බව සැලකෙනවා.
ඡන්දයෙන් පසු, ඉරානයේ එක්සත් ජාතීන්ගේ තානාපති අමීර්-සයිඩ් ඉරාවානි කවුන්සිලය අමතමින් යෝජනාව සම්මත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ “දැඩි කණගාටුව” ප්‍රකාශ කළා.
“මෙය ආරක්ෂක මණ්ඩලයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට දැඩි කණගාටුදායක දිනයකි. අද දින සම්මත කිරීම කවුන්සිලයේ විශ්වසනීයත්වයට බරපතල පසුබෑමක් වන අතර එහි වාර්තාවේ කල් පවතින පැල්ලමක් ඉතිරි කරයි,”
“අද දින ක්‍රියාව ආරක්ෂක මණ්ඩල වරම පැහැදිලිවම අනිසි ලෙස භාවිතා කිරීමක්” මෙම යෝජනාව පැහැදිලි ආක්‍රමණශීලී ක්‍රියාවක ප්‍රධාන ගොදුරක් වන මගේ රටට එරෙහිව කරන ලද පැහැදිලි අසාධාරණයකි. එය භූමියේ යථාර්ථයන් විකෘති කරන අතර වත්මන් අර්බුදයේ මූල හේතු හිතාමතාම නොසලකා හරියි,”
කවුන්සිලය අමතමින්, එක්සත් ජාතීන්ගේ රුසියාවේ තානාපති වැසිලි නෙබෙන්සියා පැවසුවේ තම රට කෙටුම්පත් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේ “එය අතිශයින් අසමතුලිත වූ නිසා” සහ “ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සපුරාලීමේ” අරමුණ ඉටු නොකරන බැවින් බවයි.
ගැටුමට “නීත්‍යානුකූලභාවයක් හෝ නීතිමය පදනමක්” නොමැති බවත් කලාපීය තත්ත්වය තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඔවුන්ගේ ප්‍රහාර නතර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ චීනයේ තානාපති ෂැං ජුන් කවුන්සිලයට පැවසුවා.
මැද පෙරදිග හමුදා ක්‍රියාමාර්ග නතර කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමින් රුසියාව ඉදිරිපත් කරන ලද කෙටුම්පත් යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ඊයේ සම්මත කර ගැනීමට හැකි වූයේ නැහැ.
මේ අතර මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, රුසියානු සහ පාකිස්ථාන රාජ්‍ය නායකයින් සමග පැවැත්වූ දුරකථන සංවාදවලදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉදිරිපක් කර ඇති කොන්දේසි අතර පළමුවන්න වන්නේ ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම , ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කිරිමයි.
සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම දෙවැනි කොන්දේසිය වනවා.
අනාගතයේදී මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදීම ඉරානය ඉදිරිපත් කරන තෙවැනි කොන්දේසියයි.
එවන් පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉතිහාසයේ ඕනෑම රටකට පහර දුන් ප්‍රමාණයට වඩා දරුණු ලෙස තමන් ඉරානයට පහර දී ඇති බවයි.
තවමත් යුද්ධය අවසන් නැතැයි ද ට්‍රම්ප් පවසා තිබුණා.
ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ නවතම දර්ශන පෙලක් ඇමෙරිකානු එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම විධානය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ බෙදා ගෙන තිබෙනවා.
ඉරාකයේ අල්-ෆවු වරාය ආසන්නයේ ඉරාක මුහුදු සීමාවේ දී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නැව්වල සිටි සේවකයින් 25 දෙනෙකු ඉවත් කිරීමට බලධාරීන් සමත්ව ඇති නමුත්, එක් සේවකයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
ඉරානය විසින් පුපුරණ ද්‍රව්‍ය රැගත් කුඩා බෝට්ටු යොදාගෙන ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන්.




