ඉන්දුනීසියානු දූපතක් වන සුලවේසිහි වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් පුද්ගලයින් 12දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා
ඊයේ රාත්‍රී 8:31ට පමණ මෙම ගින්න හටගෙන තිබූ අතර එම අවස්ථාවේ වැඩිහිටියන් බොහෝ දෙනෙක් සිය කාමරවල විවේකීව සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අග්නිදිග ආසියානු දූපත් 17,000කට වඩා වැඩි ප්‍රමාණයක් පිහිටා ඇති ඉන්දුනීසියාවේ මාරාන්තික ගිනි ගැනීමේ සිදුවීම් බහුල වශයෙන්ම වාර්තා වනවා.
මේ මාසයේ ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තාහි සත් මහල් කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ද අවම වශයෙන් පුද්ගලයින් 22ක් පමණ මිය ගොස් තිබුණා.





