ඉන්දුනීසියානු දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ගෙඩේ ප්රියන්දානා විසින් කාම්බෝජයට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරගයේදී එක් පන්දුවාරයක් තුළදී කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.
මෙය ජාත්‍යන්තර තරගයකදී ඕනෑම ආකෘතියක් යටතේ ක්‍රීඩකයකු විසින් එක් පන්දුවාරයක් තුළ ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවයි.
ඔහු විසින් මෙලෙස බිඳ හෙලුවේ මීට පෙර 2019 වසරේදී නවසීලන්තයට එරෙහිව ලසිත් මාලිංගත්, 2019 අයර්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්, 2021 වසරේදී නෙදර්ලන්තයට එරෙහිව අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් සහ 2022 වසරේදී එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් විසින් එක් පන්දුවාරයක් තුළ කඩුලු 4ක් දවාගනිමින් සමව භුක්ති විඳි වාර්තාවයි.
ගෙඩේ ප්රියන්දානාගේ මේ විශිෂ්ට පන්දුවාරයේදී කඩුළු ත්‍රිත්වයක් ලබා ගෙන ඇති අතර ඉන් අනතුරුව නිලකුණු පන්දුවක් සහ ඉතිරි පන්දු දෙකේදී නැවත කඩුළු 2ක් දවාගෙන තිබෙනවා.





