මේ අතර ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
ඒ අනුව නැමීබියාවට එරෙහිව දිල්ලියේ දී හෙට පැවැත්වෙන තරගයට ඔහු සහභාගී වීම සැක සහිත බව PTI වාර්තා කළා.
අභිෂේක් පසුගිය දින දෙක තුළ රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බව ද එහි සඳහන්.
ඇමරිකා එක්සත් ජනපදය සමග පැවති T20 ලෝක කුසලාන තරගයේදී පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගිය අභිෂේක් උදරාබාධය හේතුවෙන් පන්දු රැකීමට හෝ එම තරගයේ දී යළි පිටියට පැමිණියේ නැහැ.





