ශ්‍රී ලංකා නාවික හමුදා පුහුණු නිලධාරීන් සඳහා සාගරයේ යාත්‍රා කිරීම පිළිබඳ පුහුණු කිරීම සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් INS තරංගනි රුවල් පුහුණු නෞකාව නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකුට සහ පුහුණු නිලධාරීන් 25 දෙනෙකුට සාගර යාත්‍රා පුහුණුව ලබා දීම ආරම්භ කර තිබෙනවා.
මෙම නෞකාව මාර්තු 6 වැනිදා කොළඹ වරාය වෙත පැමිණීමට නියමිතයි.





