විදේශීය ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන්ගේ ගමන් බිමන් පහසු කිරීම සඳහා ඉන්දියාව සිය ව්‍යාපාරික වීසා ක්‍රමවේදය පුලුල් ප්රතිංස්කරණයකට ලක් කර තිබෙනවා.
එය නිෂ්පාදන සේවා සඳහා චීන වෘත්තිකයන් මත යැපෙන දේශීය සමාගම්වලට දිරිගැන්වීමක් වනු ඇතැයි රොයිටර්ස් වාර්තා කරනවා.
විශේෂයෙන් චීන යන්ත්‍රෝපකරණ යොදවන කර්මාන්තශාලාවල දේශීය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහා ඉන්දියාව බහුල වශයෙන් චීන වෘත්තිකයන් මත රඳා පවතිනවා.
දෙරට අතර සබඳතා වැඩිදියුණු වීමේ සලකුණු ලෙස ඉන්දියාව මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.





