ඉන්දියාවේ ප්‍රාන්ත අධිකරණයකින් අපරාධ කරුවෙකුට දින 14ක් බන්ධනාගාරයෙන් පිටත දේශණ කිරීමට අවසර

තම අනුගාමික තරුණියන් දෙදෙනෙකු දූෂණය කිරීම සහ එම ස්ත්‍රී දූෂණ හෙළිදරව් කළ මාධ්‍යවේදියා ඝාතනය කිරීමට වරදකරු වී වසර 20ක සිර දඬුවම් විඳන ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ඩෙරා සචා සෞදා නැමති ආගමික කණ්ඩායමක නායකයා බව කියන ගුර්මීත් රාම් රහීම් සිං නැමති අපරාධකරුට, සිය ආගමික දේශනා පැවැත්වීම සඳහා දින 40 ක් බන්ධනාගාරයෙන් පිටත නිදහසේ සිටීමට අවසර දීමට ප්‍රාන්ත බන්ධනාගාර අධිකාරීන් තීරණය කර තිබෙනවා.
2017 දී ස්ත්‍රී දූෂණයට වරදකරු වී බන්ධනාගාරගතවූ දා සිට 14 වතාවක් ඔහු බන්ධනාගාරයෙන් පිටතට පැමිණ ඇති බවත්, බන්ධනාගාරයෙන් පිටත දින 400 කට වඩා ගත කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Share