ඇල්ලේ දී රියදුරෙකුට පහර දුන් ත්‍රිවිල් චණ්ඩි ලබන 6 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

ඇල්ල ප්‍රදේශයේ දී ජංගම දුරකතන යෙදවුමක් ඔස්සේ විදෙස් සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කළ මෝටර් රථ රියදුරෙක්ට පහර දී වාහනයට අලාභ හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පහර කෑමට ලක් වූ රියදුරා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ ද අද පැමිණිල්ලක් ගොනුකළා.
මේ අතර ජංගම දුරකතන යෙදවුම් මගින් කුලී රථ සේවයේ යෙදෙන රියදුරන්ට විරෝධය පළ කරමින් සීගිරිය නගරයේ දී විරෝධතා පගමනක් ද සංවිධාන කර තිබූ අතර එහි දී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

ඇල්ල ප්‍රදේශයේ දී ජංගම දුරකතන යෙදවුමක් ඔස්සේ විදෙස් සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කිරීමේදී මෝටර් රථ රියදුරෙකුට තර්ජනය කර මෝටර් රථයට ද අලාභ හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ත්‍රි රෝද රථ රියදුරන් තිදෙනා ලබන මස 6 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරුවන් අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර පැමිණිලිකාර පාර්ශවය නොපැමිණීම හේතුවෙන් ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බව පොලිසයි පැවසුවා.
මේ අතර, ඇල්ල – කිතල් ඇල්ල ප්‍රදේශයේදී පසුගිය 22 වැනිදා කළ එම තර්ජනය සම්බන්ධයෙන් අදාළ රියදුරා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ අද පැමිණිල්ලක් ගොනුකළා.

මේ අතර ජංගම දුරකතන යෙදවුම් මගින් කුලී රථ සේවයේ යෙදෙන රියදුරන්ට විරෝධය පළ කරමින් සීගිරිය නගරයේ ත්‍රි රෝද සහ කුලී රථ රියදුරන් අද පාගමනක නිරත වුණා.
ඔවුන් පාගමන පැමිණි මග දෙපස කුණු කසල ද ඉවත් කළා.දඹුල්ල ප්‍රාදේශීය සභාපති ඩබ්ලිව් .එම්. තිලකරත්න මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පිරිස විසිර ගියා

Share