අමෙරිකාවේ ගුවන් ගමන් 8000ක් අවලංගුයි

ඇමරිකාවට බලපාන දැඩි ශීත ඍතු කුණාටුවක් හේතුවෙන් මේ වන විට ගුවන් ගමන් 8,000 කට වඩා වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජාතික කාලගුණ සේවය අනාවැකි පළ කරන්නේ නැගෙනහිර ටෙක්සාස් සිට උතුරු කැරොලිනා දක්වා ප්‍රදේශවලට දැඩි හිම පතනයක් ඇතිවිය හැකි බවයි.
මේ වන විටත් ප්‍රාන්ත 12 කට වැඩි ප්‍රමාණයක ආණ්ඩුකාරවරුන් හදිසි තත්ත්වයන් ප්‍රකාශ කර තිබෙනවා.

Share