පෙබරවාරි 12 වන දින පැවැත්වෙන මහ මැතිවරණයට පෙර ඉහළ යන නොසන්සුන්කාරී තත්ත්වය තුළ ආරක්ෂක තර්ජන හමුවේ ඉන්දියාව තම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් බංග්ලාදේශයෙන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයි රොයිටර්ස් වාර්තා කරනවා
හිටපු අගමැතිනි ෂෙයික් හසීනා 2024 දී දැවැන්ත විරෝධතාවලින් පසුව ඉන්දියාවට පලා යාමෙන් පසු දකුණු ආසියානු අසල්වැසියන් අතර සබඳතා පළුදු වුණා.
කෙසේ වෙතත් ඔවුන් ඉවත් කර ගන්නා දිනය පිළිබඳ නිශ්චිතව සඳහන් වන්නේ නැහ.
දෙසැම්බර් මාසයේදී ඉන්දියාව බංග්ලාදේශයේ මහ කොමසාරිස්වරයා කැඳවා එරට පිරිහෙමින් පවතින ආරක්ෂක තත්වය, විශේෂයෙන් අගනුවර වන ඩකා හි ඉන්දීය දූත මණ්ඩලය ඉලක්ක කරගත් තර්ජන පිළිබඳව තම කනස්සල්ල පළ කළා.
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය, හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටින අතර, සුළුතර හින්දු ප්‍රජාවේ සාමාජිකයන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ නවදිල්ලියේ කනස්සල්ල ප්‍රතික්ෂේප කරනවා.





