ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්.නිකුත් කර තිබෙනවා.
නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ 2025 12 05 දිනැති අයවැය චක්‍රලේඛ මගින් යෝජිත වැඩසටහන වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පැහැදිලි කිරීම්, එකතු කිරීම් සහ සංශෝධන ඇතුළත් කරමින්.
නායයෑම් සහ ගංවතුර හේතුවෙන් තම පදිංචි නිවස අහිමි වූ හෝ නිවස පූරණ ලෙස හානි වීම හේතුවෙන් ජීවනෝපාය කටයුතුවල නිරත වීමට නොහැකි වූ පවුල් වෙත ගෙවන දීමනාව මාස 03ක උපරිමය කාලයක් සඳහා ගෙවීමට නව චක්‍රලේඛය මගින් අවස්ථාව සලසා තිබෙනවා.
පෙර චක්‍රලේඛය අනුව අදාළ දීමානව ගෙවිය හැකි වූයේ නිශ්චිත වශයෙන් මේ වසරේ දෙසැම්බර් , ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා පමණයි.
සාමාජිකයින් ගණන 02ක් හෝ ඊට අඩු පවුලක් සඳහා රු 25,000ක් සහ සාමාජිකයින් ගණන 02ට වැඩි පවුලක් සඳහා රු. 50,000ක් වන දීමනාවේ වෙනසක් නැහැ.
ආපදාවෙන් බලපෑමට ලක්වූ වගාවන් සඳහා එක්වරක් පමණක් ගෙවන හෙක්ටයාරයකට රුපියල් 150,000 ක දීමනාව සඳහා රටකජු වගාව ද ඇතුළත් කර තිබෙනවා.
ආපදාවෙන් හානි වූ එළවළු වගාවන් සදහා ලබා දෙන හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙකක දීමනාව ලැබීමට මිරිස්, ළූණු යන භෝග සහ කෙසෙල්, පැපොල් සහ අන්නාසි යන පළතුරු වගාකරුවන්ද සුදුසුකම් ලබන බව නව චක්‍රලේඛයේ සඳහන්.
ආපදාවෙන් බලපෑමට ලක්වූ සත්ත්ව ගොවිපොළවල මියගිය සතුන් සඳහා ගෙවනු ලබන දීමනා සම්බන්ධයෙන් නව චක්‍රලේඛය මගින් වඩාත් පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව දෙමුහුම් ගවයකු සඳහා රු 20000බැගින් උපරිම සතුන් 10 දෙනෙකු සඳහා වන්දි හිමිවනවා.
මියගිය දේශීය ගවයකු වෙනුවෙන් එක් ගවයකු වෙනුවෙන් 50,000 බැගින් ගවයින් 20 දෙනෙකු දක්වා රු 1,000,000ක වන්දියක් ලැබෙනු ඇති.
සූකර, එළුවන් සහ බැටළු ගොවිපොළවල හිමියන්ට මියගිය එක් සතෙකු වෙනුවෙන් රු 20,000 බැගින් සතුන් 20 දෙනෙකු සඳහා දීමනාවක් හිමි වනවා.
මියගිය බ්‍රොයිලර් කුකුළකු වෙනුවෙන් එක් සතෙකුට රු 250බැගින් රු 1,000,000ක් දක්වාත් මියගිය සාමාන්‍ය කුකුළකු වෙනුවෙන් රු 500 බැගින් 1,000,000 වන්දි ගෙවීමටත් උපදෙස් දී තිබෙනවා .
ආපදාවෙන් හානි වූ ධිවර බෝට්ටු හානි පූර්ණය කිරීමේ දී මීට පෙර පැවතියේ ධිවර බෝට්ටුවක් සඳහා උපරිමය රුපියල් ලක්ෂ හතර දක්වා දීමනාවක්.
නව චක්‍රලේඛය මගින් කරදිය සහ මිරිදිය ධිවරයන් දෙපාර්ශ්වයම ආවරණය කර ඇති අතර හානි පූර්ණය වඩාත් සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.
ඒ අනුව කරදිය ධීවරයන්ගේ පූර්ණ ලෙස හානියට පත් ධීවර බෝට්ටුවක් වෙනුවෙන් ලැබෙන රක්ෂණ වන්දි මුදල සීනෝර් පදනමට ගෙවීමට යටත්ව නව බෝට්ටුවක් එම පදනමෙන් ලබා දෙනු ඇති.
අර්ධ හානි ධීවර බෝට්ටු සී නෝර් පදනම මගින් අලුත් වැඩියා කර දීමට කටයුතු කරන ලෙස උපදෙස් දී තිබෙනවා.
ඒ් සමගම ධීවර දැල් අහිමි ධීවරයින්ට නෝර්ත් සී ලිමිටඩ් මගින් මිලදී ගැනීමට එක් ධිවරයෙක්ට රුපියල් ලක්ෂයක කූපන්පතක් ලබා දීමට නියමිතයි.
මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත වූ ධීවරයින්ගේ පූර්ණ ලෙස විනාශ වූ ඔරුවක් සඳහා එක් ධීවරයෙක්ට රු ලක්ෂයක එක් වරක් පමණක් ගෙවන දීමනාවක් ගෙවීමටත් අර්ධ ලෙස හානි වූ ඔරු සී නෝර් පදනම මගින් අලුත්වැඩියා කර දීමටත් උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම හානි වූ දැල් සඳහා එක දැලකට රුපියල්.15,000 බැගින් එක් ධීවරයෙක්ට උපරිම දැල් පහක් සඳහා දීමනාවක් හිමියි.
ඒ් සමගම හානි තක්සේරුවකින් තොරව වන්දි ලබාගැනීමට කැමැත්ත පළ කර ඇති ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වෙනුවෙන් එක් ව්‍යාපාරිකයෙකුට රු ලක්ෂ පහක වන්දියක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් හානි තක්සේරුවකින් පසු වන්දි ලබාගැනීමට කැමැති ව්‍යාපාරිකයන්ට තක්සේරුගත වටිනාකම මත උපරිම රුපියල් ලක්ෂ 50ක් දක්වා වන්දියක් ලබා ගැනීමේ අවස්ථාව වෙනස් වන්නේ නැහැ.
පූර්ණ වශයෙන් හානි වූ නිවාස සඳහා ගෙවනු ලබන රුපියල් ලක්ෂ 50 ක දීමනාව, නායයෑමේ අවදානම හේතුවෙන් පදිංචි විය නොහැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තහවුරු කර ඇති නිවාස සඳහා ද ලබා ගත හැකියි.
අර්ධ හානි නිවාස සඳහා තක්සේරුවකින් තොරව රුපියල් ලක්ෂ පහක වන්දියක් ලබා ගැනීමට නිවාස හිමියන්ට අවස්ථව සලසා තිබෙනවා.





