අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ආපාදා හේතුවෙන මරණ 9ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ ඊයේ පෙරවරුවේ සිදුවූ පස් හා ගල් පෙරලීමෙන් මිය ගිය ගණන 6ක්.
පවතින තත්ත්වය තුළ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් ගඟේතැන්න ප්‍රදේශයෙන් වසා තැබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් සහ ගල් පෙරළී ඊයේ පෙරවරුවේ අනතුරක් සිදු වුණා.
සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා මෙහෙයුමක් වහාහ ආරම්භ කෙරණු අතර ඒ සඳහා යුද හමුදා භට කණ්ඩායමක් ද යොදවනු ලැබුවා.
පැය 11ක් පමණ කළ මෙහෙයුමේ දී පුද්ගලයින් සිව්දෙනෙක් මුදා ගැනීමට හැකි වූ අතර ඔවුන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
මෙම අනතුරෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගියා.
පවතින තත්ත්වය හමුවේ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් ඉදිරි පැය 24 තුළ තවදුරටත් වසා තැබීමට බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබෙනවා.
මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස ද බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනාවා. මේ අතර හෙට දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්‍රදේශයට සහ කඩුගන්නාව ප්‍රදේශය වෙත යන දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් ආරක්ෂිතව සලසා දීමට කටයුතු යොදා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
මේ අතර ප්‍රදේශ කිහිපයකින්ම මාර්ගවලට ගල් පෙරලීම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වී තිබෙනවා.
පවතින වැසි තත්ත්වය සලකා දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. මේ අතර වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් තවදුරටත් සවස් කාලයේ තදවැසි ඇදහැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා
මේ අතර නිල්වලා ගඟ සහ ඌරුබොක්ක ඔය පිටාර ගැලීමේන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 100 ක පුද්ගලයින් 363 ක් පීඩාවට පත්ව සිටිනවා.
මාතර – කොටපළ මාර්ගය ඌරුබොක්ක බද්දන්වල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇතැයි අප වාර්තාකරු පැවසුවා.
මේ අතර ඇදහැලුණු තද වැසි සමඟ කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් හා මාර්ග රැසක්ද ජලයෙන් යට වුනා.
මේ අතර නෙළුව තවලම හිනිදුම ආදී ප්‍රදේශවල ගංවතුර බැස යාමත් සමඟ මේ වන විට බද්දේගම ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතින බව අප වාර්තාකරුවන් සදහන් කළා





