මෑත කාලීනව සිදු වූ සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයට අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, බලපත්‍රලාභි බැංකු වෙත 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් තිබෙනවා.
ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභි බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026.01.15 දිනට පෙර ඉල්ලීමක් කළ විට පහත දක්වා ඇති සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභි බැංකු වෙත මෙමගින් දැනුම්දී තිබෙනවා
ඒ අනුව තාවකාලික ණය සහන, බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට නව ණය පහසුකම්, ප්‍රමාද ගාස්තු දඩ පොලී ආදිය අය කිරීම අත්හිටුවීම මීට අයත්.
කෙසේ වෙතත් ඉහත සඳහන් ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීමක් ඇති වුවහොත්, බලපත්‍රලාභී බැංකු විසින් එවැනි ප්‍රතික්ෂේප කිරීමකට හේතුවූ කරුණු ලිඛිතව ණය ගනුදෙනුකරු වෙත දැනුම්දිය යුතු අතර, අයදුම්කරුට එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වනවා





