අමෙරිකාවේ පැවැති ආනොල්ඩ් ස්පොට්ස් ෆෙස්ට්වල් 2026 තරගාවලියේ ක්‍රිලෝග්‍රෑම් 120 ප්‍රෝ අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු මෙරට සවි එසවීමේ ශූර රන්සිළු ජයතිලක එහි රන් පදක්කම දිනා ගත්තා.
එහිදී ඩෙඩ් ලිෆ්ට් අංශයෙන් කිලෝග්‍රෑම් 320ක බරක් ඔසවමින් සිය හොදම දක්ෂතාවය දැක්වීමට රන්සිළු සමත් වුණා.
37 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩකයෙකු සහභාගි ව ඇත්තේ ප්‍රථම වරට වීමත් විශේෂත්වයක්.
කළුතර සිරිකුරුස විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර දෙවැනි වරටත් පැවැත්වෙන ‘සිහින සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ ආරම්භ වුණා.
එම තරගය ඊයේ සහ අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා
හිරුෂ ගිෂාන් විසින් කළුතර සිරිකුරුස විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාල පිල ඕෂධ දේවින්ද විසින් මෙහෙයවනු ලබනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වුණා.
ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
පළමු දිනය නිමා වන විට කළුතර සිරිකුරුස විද්‍යාලයේ සියළු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 125ක් පමණයි.
පිළිතුරු ඉණිම දියත් කළ සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුළු 3ක් දැවී ලකුණු 102ක් රැස්කර ගැනීමට සමත් වුණා.




