ආචාර්ය තිලංග සුමිතිපාල විසින් රචිත ‘An Island of Balance’ නමැති ග්‍රන්ථය එළි දකී

ආචාර්ය තිලංග සුමිතිපාල මහතා විසින් රචිත ‘An Island of Balance’ නමැති ග්‍රන්ථය ඊයේ පස්වරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරයේදී එළිදක්වනු ලැබුවා.
මෙම කෘතිය මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික වැදගත්කම, විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා හැසිරවිය යුතු ආකාරය පිළිබඳවයි.
විශේෂයෙන්ම ගෝලීය බලවතුන් අතර පවතින තරගකාරීත්වය හමුවේ ශ්‍රී ලංකාව “සමබර” (Balance) පිළිවෙතක් අනුගමනය කිරීමේ වැදගත්කම ද මෙහිදී විග්‍රහ කොට තිබෙනවා.
මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, විද්වතුන්, මාධ්‍යවේදීන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Share