ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා නවදිල්ලි නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු සභාපති නිලධාරීන්ගේ 28 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සිය පළමු නිල සංචාරයේ නිරත ව සිටිනවා.
සමුළුවට සමගාමීව, ඉන්දීය ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා ශ්‍රී ලංකා කථානායකවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු ව තිබෙනවා.





