අලු බදුන ටෙස්ට් තරගාවලිය ජය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සාම්ප්‍රදායික අලු බදුන ටෙස්ට් තරගාවලිය තවත් තරග 2ක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හිදී පැවති පැවති තෙවැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉණිමට ලකුණු 371ක් රැස් කර ගත්තා.
ඕස්ට්‍රේලියානු පළමු ඉණිමට පිළිතුරු වශයෙන් එංගලන්තයට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 286ක් පමණයි.
සිය දෙවැනි ඉණිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියාව ලකුණු 349ක් රැස්කර ගනිමින් ජයග්‍රහණය සදහා එංගලන්තයට ලකුණු 435ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා.
එහිදී සුපිරි ඉණිමක් දියත් කළ ට්‍රැවිස් හෙඩ් ලකුණු 170ක් රැස්කළා.
ඇලෙක්ස් කේරි ලකුණු 72යි.
ලකුණු 436ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 352ක් පමණයි.
ලකුණු 82ක මෙම ජයත් සමඟ තරග 5කින් සමන්විත අලු බඳුන ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජය ගන්නට සමත් වුණා.
ඕස්ට්‍රේලියාව 2010න් පසු සිය මව්බිමේදී අලු බඳුන ටෙස්ට් තරගාවලියක් පරජයට පත් වී නැහැ.

Share