අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳී නොමැති බවට රජයට චෝදනා

මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වී ඇතැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ, රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, ඇතුලු ක්‍රියාමාර්ග රැසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ඇතුළත්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිවයින පුරා රජයේ රෝහල්වල ආරම්භ කළා.
2026 වර්ෂය‍ට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවැත්වෙනවා.
රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේක කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඇතුළත්.
මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් අපහසුතාවට පත්ව සිටියා.
සමස්ත ලංකා හෙද සංගමය ද රජයයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය විවේචනය කළා.
මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවත්වෙනවා. /පැවත්වුණා.

Share