අයවැයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

මේ අතර ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් කොළඹ මහනගර සභා මන්ත්‍රී සොහාරා බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පක්ෂ නායක රවුෆ් හකීම් විසින් සිය පක්ෂයේ සාමාජිකයන්ට ලබා දී ඇති උපදෙස් නොතකා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම පක්ෂ විනය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

Share