අඹේවෙළ දුම්රිය ස්ථානයේදි ජර්මන් ජාතිකයෙකු විරෝධතාවයක

බදුල්ල දක්වා ධාවනය වූ ඕඩිසි දුම්රියෙන් ගමන් කිරීම සඳහා ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් අඹේවෙළ දුම්රිය ස්ථානයේදි අද දහවල් ජර්මන් ජාතිකයෙකු විරෝධතාවක නිරත වුණා

එම දුම්රියේ ගමන් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට කලින් ආසන වෙන් කර ගත් මගීන්ට පමණයි.
කෙසේ වෙතත් අඹේවෙළ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා මැදිහත් වී ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගෙන තිබුණත් ගමනට සහභාගී නොවූ විදේශිකයෙකුගේ අසුන නියමිත ගාස්තු ගෙවීමෙන් පසු ලබා දීමට පියවර ගත්තා.

Share