අම්බලන්ගොඩ නගරයේ දී ව්‍යාපාරික ආයතනයක කළමානාකරුවෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

අම්බලන්ගොඩ නගරයේ අද උදෑසන කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙක් බවයි.

අදාළ වෙඩි තැබීම සිදුව ඇත්තේ අද උදෑසන 7.30 පමණ
වෙඩි ප්‍රහාරයට ලක් වූ එහි කළමනාකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රථිපලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිසිය සදහන් කළා.
වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share